Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය අදටත් ගැළපෙනවාද?

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - අවංකකම

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - අවංකකම

බයිබල් ප්‍රතිපත්තිය: ‘යෙහෝවා දෙවියන්ගේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ධර්මිෂ්ඨකම් කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන, සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.’ගීතාවලිය 15:1, 2.

ප්‍රයෝජන: හුඟදෙනෙක් අවංකකම ගොඩක් අගය කරනවා. ඒත් කාටත් හොරා වංක දෙයක් කරලා වාසියක් ලබාගන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අය මොනවද කරන්නේ? ඒ වගේ වෙලාවට තමයි කෙනෙක් ඇත්තටම අවංකද කියලා ඔප්පු වෙන්නේ.

රාකෙල් කියන්නේ ආයතනයට බඩු මිල දී ගන්න කෙනෙක්. ඇය මෙහෙම කිව්වා. “බඩු විකුණන සමහර අය කිව්වා ඒ අයගෙන් බඩු ගත්තොත් ඒවාට දෙන වට්ටමෙන් කොටසක් ආයතනයට දෙන්නේ නැතුව මට දෙන්නම් කියලා. මට ඒ වෙලාවේ බයිබල් ප්‍රතිපත්ති මතක් වුණ නිසා මං ඒකට කැමති වුණේ නැහැ. පස්සේ දවසක වැඩපොළේ ස්වාමියාට ඒක දැනගන්න ලැබුණාම ඔහුට මං ගැන තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා.”

රාකෙල් ඒ විදිහට සල්ලි ගත්ත නම් ටික කාලෙකින් ලොකු මුදලක් හම්බ කරගන්න තිබුණා. ඒත් මෙහෙම හිතන්න. ඒක එයාගේ ස්වාමියා දැනගත්තොත් මොනවා වෙයිද? රස්සාව දිගටම කරන්න ලැබෙයිද? අනාගතයේදී රස්සාවක් හොයාගන්න ලේසි වෙයිද? රාකෙල්ට හැම දේකටම වඩා ඕන වුණේ එයාගේ හිතට එකඟව හා එයාගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්නයි. “වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි. හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය” කියලා බයිබලයෙත් කියනවා.—හිතෝපදේශ 22:1.

ජෙසි අවංක සේවකයෙක් කියලා හැමෝම දැනගෙන හිටියා

ජෙසි කියන්නෙත් අවංකව වැඩ කරපු කෙනෙක් නිසා එයාගේ ස්වාමියාට එයා ගැන ලොකු පැහැදීමක් තිබුණා. එයාට ආයතනයේ උසස් තනතුරක් වගේම එයාගේ වැඩ එයාට සැලසුම් කරගන්න නිදහසත් ලැබුණා. එයාගේ ආගමේ වැඩ කරන්නත් පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්නත් ඒ නිසා ජෙසිට පුළුවන් වුණා.

සමහර අය රස්සාවල් දෙන්න කැමති වෙන්නේ අවංකව වැඩ කරන අයටයි. උදාහරණයකට එක් ආයතන ප්‍රධානියෙක් තමාගේ ආයතනයට සාක්ෂිකරුවන්ව බඳවා ගන්න කැමතියි කියලා පිලිපීනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට දැනුම් දුන්නා. ඔහු එහෙම කළේ සාක්ෂිකරුවන් “වෙහෙස මහන්සි වෙලා වගකීමෙන් වැඩ කරන අවංක අය නිසයි” කියලා ඔහු කිව්වා. “දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න” සාක්ෂිකරුවන්ට උගන්වන්නේ යෙහෝවා දෙවියන් නිසා ඔවුන්ට ලැබෙන ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්න ඕන යෙහෝවා දෙවියන්ටයි.—ආමොස් 5:15.