හරය ගිලිහිලාද?
“නත්තල් කාලේ මිනිස්සු හරිම කාර්යබහුලයි. කොච්චර වැඩ රාජකාරි තියෙනවාද කියනවා නම් පවුලේ අය එක්කවත් යාළුවෝ එක්කවත් කාලය ගත කරන්න කිසිම නිදහසක් නැහැ. වැඩිදෙනෙක් නත්තල් චාරිත්‍ර කරන්නේ සතුටෙන් නෙමෙයි නොකර බැරි නිසයි. මේ හේතු නිසා නත්තලෙන් ලැබෙන්න ඕන ප්‍රීතිය අපි අද්දකින්නේ නැහැ.”—ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයා වන බ්‍රැඩ් හෙන්රි.
නත්තල් සමය ළං වෙද්දී නත්තල් අසිරිය ගැන කියන සිංදු, චිත්‍රපටි, වැඩසටහන් නිතර නිතර අහන්න දකින්න ලැබෙන නිසා නත්තල කියන්නේ ප්‍රීතිය, සතුට පිරුණු කාලයක් කියලා හැමෝටම වගේ හිතෙනවා. හැබැයි ඔයා හිතන විදිහට නත්තල ප්‍රීතිමත් කාලයක් වෙන්න ඕන ඇයි?
යේසුස්ව සිහි කරන්න පුළුවන් වෙන නිසාද?
තෑගිබෝග දෙන්න පුළුවන් වෙන නිසාද?
අන් අයට උදව් කරන්න පුළුවන් නිසාද?
පවුලේ අය එක්ක කාලය ගත කරන්න ලැබෙන නිසාද?
සාමය ඇති කරන්න පුළුවන් නිසාද?
යේසුස්ව සිහි කරන එක, තෑගිබෝග දෙන එක, අන් අයට උදව් කරන එක, පවුලේ අය එක්ක කාලය ගත කරන එක, සාමය ඇති කරන අය විදිහට ජීවත් වෙන එක හොඳයි කියලා බයිබලයෙත් කියලා තියෙනවා. *
හැබැයි නත්තල අද ව්‍යාපාරයක් වෙලා. නත්තල් කාලේදී හුඟදෙනෙක් හරිම කාර්යබහුලයි. එයාලගේ මනසට කිසිම නිදහසක් නැහැ. ඒ නිසා නත්තල් කාලේ කරන්න බලාපොරොත්තු වෙන ඒ එක දෙයක්වත් එයාලට හරියට කරගන්න බැහැ. දැන් අපි සලකලා බලන්න යන්නේ,
සමහරු නත්තල සමරන හේතු,
ඒකෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙලාද,
නත්තලෙන් ලැබෙනවාට වඩා වැඩි සතුටක් මිලියන ගණනකට අද්දකින්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණා ගැනයි.
^ 9 ඡේ. සමහරු නත්තල සමරන්නේ නැත්තේ මොන බයිබල් ප්‍රතිපත්ති නිසාද කියලා දැනගන්න “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.